Apr 15, 2010

අම්මලගෙ කිරිවලිනුත් ගාන කඩාගන්නා ඔසියෝ!


මෙ පින්තුරෙ මම ගත්තෙ මග යන ගමන්..මෙක දැකල මට පුදුම හිතුන.ලංකාවෙ අපිට නම් මේක විහිලුවක් වගෙ.කවද්ද අපේ අම්මල class ගියේ එයලගෙ පොඩි අයට කිරි දෙන්න...හැබැයි පුදුම වෙන්න දේකුත් නෙමේ,වතුර උගුරක් වත් නිකන් හම්බවෙන්නෙ නැති රටේ අම්මලටත් කිරිදෙන්න උගන්නල ගානක් කඩාගන්න එක ගැන තව මොන කතාද!


17 comments:

  1. ලොල් පිස්සු හැදෙයි

    ReplyDelete
  2. මම නම් මේකෙ වරදක් දකින්නේ නෑ. ගානක් කඩා ගන්නවා යන යෙදුමෙන් ලාංකික අපි ව්‍යාපාර සම්බන්ධයෙන් දක්වන අසුබවාදී චින්තනය පැහැදිළිව පෙන්වනවා යැයි මට හිතෙනවා.

    ReplyDelete
  3. ළමයා,
    නිකං පාරෙ යනකොට බෝඩ් එකක් දැක්ක ගමං, අනුමාන, උපකල්පන මත මේව ලියන්න එපා. ටිකක් හොයල බැලුව නං හොඳයි නේද?

    බලන්නඃ
    http://www.breastfeeding.asn.au/

    ReplyDelete
  4. කතන්දර කාරයාට...
    මම මෙතන පෙන්නන්න හැදුවෙ ලංකවෙ අම්මල සහ ඔසි අම්මල අතර තියන වෙනස.ඒ වගෙම එගොල්ලො එක ගැන හිතන විදිය.අපෙ අම්මල මෙවට ක්ලාස් ගියද?

    http://www.breastfeeding.asn.au.

    මට පෙන්නන්න ඔන උනෙ මාත්රුත්වය පිරිහෙන විදියයි.
    සමහර විට මම වැරදි වෙන්න පුලුවන්! හැබයි මෙහෙ දෙමවුපියො ලමයින්ට සලකන විඩිය මම දැකල තියනව!

    ReplyDelete
  5. ලංකාවෙ දෙමව්පියො ළමයින්ට සලකන විදියට වඩා කොහොමද ඔහේ විදිය වෙනස් වෙන්නෙ? උදාහරණ එකක් දෙකක් ගැණ නෙමේ මං අහන්නෙ, සමස්ථයක් වශයෙන්.

    ReplyDelete
  6. පුදුම වෙන්න දෙයක් නැහ මචන්. හැම දේම සල්ලි වලට විකුනන රටක් ඕක

    ReplyDelete
  7. කස්සා මෙක දැකලා මමත් ටිකක් කම්පා වුනා.. මෙ මිනිස්සු දියුනු මිනිස්සුලු නෙද..හරිම පුදුම මිනිස්සු.. යකො අපෙ අම්මලා මෙක දැක්කනම් ඔලුව බිත්තියෙ ගහ ගන්නවා..

    මම නම් හරියටම දන්නෙ නැහැ.. මෙ පන්තිවලට යන මිනිස්සුන්ගෙ හදවත් වල මොනවද තියන්නෙ කියලා.. මම දැකලා තියනව සමහර අක්කලා ඉන්නවා එයාලා දෙමවුපියන්ගෙන් ඇත් වෙලා උනනත් තමුන්ගෙ දරුවන්ව ඇස් දෙක වගෙ රැක බලා ගන්නවා. පුංචි දරුවෙක්ව අතට ගද්දිම හදවතට දැනෙනවා.. මෙ දරුවට මොනවද ඔනා කියලා.. එහෙම යි අපෙ මිනිස්සු..

    ReplyDelete
  8. දැන් තමා ඉස්පාසුවක් ලැබුනේ කියවන්න.


    ලංකාවෙත් ඉන්නවා මේ පන්තිවලට යවන්න ඕනෑ අය

    /බිඟුවා...!

    ReplyDelete
  9. මව් කිරි දෙන්න දන්නෙ නැති අයට නිවැරදිව කිරි දෙන හැටි උගන්නන්න ලංකාවෙත් ඉන්නෙ පවුල් සෞඛ්‍ය සේවිකාවො සහ තවත් අය (රෝහල් වල සේවය කරන.)
    මව්කිරි දෙන්න උනන්දු කරවන එක හොද වැඩක්..

    ReplyDelete
  10. ගොඩක් අය එක එක අදහස් දීල..එවට ස්තුති...මගෙ අදහස මේවට මුදල් ගාව ගන්න එකයි වැරදි.

    ReplyDelete
  11. ලැබූ ජයග්‍රහණයට සුභ පැතුම් සහෝදරයා......

    ReplyDelete
  12. මේක ඒ රටවල ක්‍රමය හින්දා අපිට වැරදියි කියන්නත් බෑ.ඒත් ඉතින් අනුමත කරන්නත් බෑනේ...

    ReplyDelete
  13. බබාලාට කිරි නොදීම ඉන්නවාට වඩා කීයක් හරි දීලා හරි ක්ලාස් ගිහින් හරි දෙන එකම වටිනවා කියලායි මම නම් හිතන්නේ.

    ReplyDelete
  14. මේකේ මොන වැරැද්දක් ද බන් ???
    ලංකාවේ මෙහෙම ඒව තාම නැත්තේ , ළමයෙක් ලැබුනහම අම්මගේ අම්ම හරි වෙන කවුරු හරි වැඩිහිටියෙක් හරි
    ළඟ ඉඳගෙන කිරි දෙන හැටි අම්මට කියල දෙන හින්ද .. නිකන් තනේ කට ගාවට තියනවට වැඩිය ගොඩක් වැඩ තියෙනවා නේ කරන්න
    සේදීම , ඉස්මොලේ යන්න නොදී අල්ලන විදිය , ඉස්මොලේ ගියොත් ප්‍රතිකර්ම etc etc ....
    මේ වගේ රටවල එහෙම වැඩිහිටි අයගේ උදවුවක් නැති හින්ද class ගිහිල්ල හරි ඉගෙනගෙන මවු කිරි දීම ගැන අපි ඇත්තටම සතුටු විය යුත් නේද ?
    ධනවාදී සමාජ ක්‍රමයක යම් දෙයක් උගන්නල මුදල් ගන්න එකේ වරද මොකද්ද ??
    ඒ මනුස්සය ජීවත් වෙන්නේ කොහොමද volunteer විදියට ඒවා උගන්නල ?
    මචන් උඹ සුමානෙට දවසක් වත් වැඩට ගිහිල්ල එහෙම නැත්නම් පැය කීපයක් හරි මාසෙකට වැඩ කරන තැනට නිකන් වැඩ කරලා එනවද ???
    නෑ නේ ....
    අයි බන් ඔකේ යටට වෙන්න තියෙන්නේ class වගේම volunteer කට්ටියත් ඉන්නවා කියල උදවුවට
    ඉතින් මුදල් මතම යැපිමක් එකෙන් පෙන්වන්නේ නෑ නේ ...
    ලංකාවට කලින් අහලවත් තිබ්බ්බේ නැති වැඩිහිටි නිවාස , පෞද්ගලික ඉස්කෝල , ටියුෂන් පන්ති , ඩ් කෙයාර් අවා වගේ මෙවුවත් එයි ළඟදීම
    :)

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...