Apr 8, 2010

අයිය අපිට සිංහල නෑ!


















මේ කතාව සිද්ධ උනේ අපේ හිතවත් අජිත් අයියට.අජිත් අයියා කියන්නේ අපිත් එක්කම මේ මම ඉන්න ගෙදරම හිටපු කෙනෙක්.එයා අපිට වඩා ගොඩාක් වයසින් වැඩී.ලංකාවේ මැනිං මාර්කට් එකේ එලවළු බිස්නස් කරපු කෙනෙක්……මිනිහා හෙන Fun බුවා
ආපු දවසේ ඉදලා ඉතින් රෑ දෙගොඩ හරිය වෙනකම්ම බයිලා කෙල කෙලා ඉන්නවා.මොකද ලංකාවෙන් මෙහෙ එන හැම Student කෙනෙක්ම නිශාචරයො වෙනවා. ඒක Airport එකෙන්මයි කරලා එවන්නේනෑත්තම් රෑට වැඩ කරන්න බෑනෙ.
ඔන්න දවසක් අජිත් අයියා මෙහෙ බස් එකක යනකොට අල්ලපු සීට් එකේ සුන්දර කාන්තාවො දෙන්නෙක් ඉන්නවා දැක්කලු. පෙනුමෙන් නිකම් ලංකාවේ වගේලු.මම කාන්තාවො කිව්වේ ඒකට පොඩි හේතුවක් තියෙන නිසා. මොකද ලංකාවේ ඉදන් මෙහෙ එන ගෑණු ළමයි එක්කෝ එහෙදිම කාන්තාවො වෙච්ච අය, නැත්තම් මෙහෙ ආව ගමන් කාන්තාවො වෙච්ච අය. බලන්න ඒකෙත් හැටි. මෙහෙට ආපු අයගෙ ටික දවසකින් කොණ්ඩෙ අමුතු වෙනවා. ඇදුම් අමුතු වෙනවා.ඒ තියා ටිකදවසකින් අතට බියර් බෝතලයක්, සිගරට් එකක් පවා එනවාගමන වෙනස් වෙනවා, කතාකරන හැටි වෙනස් වෙනවා...එක කෙලියයි

ඉතින් අජිත් අයියට හිතුනලු මේ ඩබලට පොඩි ටෝක්ස් පාරක් දාන්න.අජිත් අයියා මේ දෙන්නට ලංවෙලා " නංගිලා ලංකාවෙද " කියලා ඇහුවලු. මුන් දෙන්නා ලොරියකට අහුවෙච්ච කජු ලෙල්ලක් වගේ මූණ හදාගෙන අපේ ලොක්කා දිහා බැලුවලු. අජිත් අයියත් ඉතින් ගේම් අතාරින්නේ නෑ කියලා හිතාගෙන  " නංගිලා ඔයාලා ලංකාවේද " කියලා ඇහුවලුඑතකොට කෙල්ලො දෙන්නා හැරිලා කිව්වලු " අයියා අපිට සිංහල නෑ " කියලා.මේ කතාවට අපේ මනුස්සයත් හොල්මන්ද පොල්කොල වෙලා කතාවත් නවත්තලා සද්ද නැතුව ගෙදර ආවලු. අර කාන්තාවො දෙන්නම ඉතින් .....අලුතින්ම මෙහෙට එන ලංකාවේ  Student shipment  එක ගෙනත් බාන මගේ පරණ ඉස්කෝලේ හෝමාගම මධ්යමහා විද්යාලය හෙවත් හොම්ස්ලන් ටේෆ් කොලෙජ් එක ගාවින් බැස්සලු .

පසු වදන
කෙල්ලො
දෙන්න කියල තියෙන්න උන්ට සිංහල බැ කියල බව ඕස්ට්‍රේලියානු ජනප්‍රවාදවල  වල සඳහන් වෙනව!







7 comments:

  1. පිස්සු හැදෙයි කිව්වලු....හැබැයි කසුන් ඔය පිටරට විකාරෙ තියෙන්නෙ කෙල්ලන්ට විතරක් නෙමෙ. කොල්ලන්ටත් ඔය උණ හැදෙනවනෙ.ඔය අතරින් හොද අයත් නෑ කියන්නම් බෑනෙ. නේද ? මොකද ඔය කොණ්ඩ වෙනස් කරපු. කොණ්ඩෙ පාට වෙනස් කරපු අයව මාත් දැක්කනෙ. ;) නේද ?

    ඇත්තටම ඔය වැඩේ උනේ අජිත් අයියටමද ? :0

    ReplyDelete
  2. කවුද ඔය කොණ්ඬේ පාට වෙනස් කරපු එක්කෙනා. කනෙන් පෙන්නන්න පුළුවන්ද ?

    අපරාදේ මට ඔය කෙල්ලෝ දෙන්න හම්බුනා නම් ලංකාවයි,සිංහලයි පොඩ්ඩක් මතක් කරලා දෙනවා.

    ReplyDelete
  3. මිස්සකට /

    ඔව් ඔව් එයාව කන කෙළවරින් පෙන්නන්න පුළුවන් මිස්සක....

    හැබෑට ඔයා ඔය ගෑනූ දරුවන්ට සිංහල උගන්නේ කොහොමද ?

    ReplyDelete
  4. දිල්ට..
    හපෝ මට නෙමේ...මොකද මම බස් එකේ යනව හරිම අඩුයි...මට තියෙන්නෙ ඔසිවල තියන දිගම වාහනේ..කොච්ච්ය!...කොන්ඩෙ පාටකලාට අපිට තාම සිංහල නැත්තෙම නැ.

    ReplyDelete
  5. මිස්සක මෙන්න කසුන් කියනවා එයා යන්නේ ඔසීවල තියෙන දිගම වාහනේලු...ඒකෙ ගියාම වෙන දේවලුත් අපි පහුගිය දවස්වල කියෙව්වනෙ නේද ? ;)

    ReplyDelete
  6. මිස්සකට...
    මොනවද සුද්ධ සිංහලද කියල දෙන්නෙ?

    ReplyDelete
  7. කස්ස මල්ලි සින්හලෙන් බ්ලොග් ලියනව කියල දන්නෙ අහම්බෙන්නෙ…
    මේ වගේ කතාවක් මගේ යාලුවෙක්ට ඉන්ග්ලන්ඩ් වලදි වෙලා මට කිව්වා..
    එයත් ඔහොම පාරේ යනකොට කෙල්ලෙක් එක්ක කතාවට ගිහින්..
    කතා කරල තියෙන්නෙ ඉන්ගිරිසි වලින්..ඒ කෙල්ල රට ගිහින් අවුරුදු පහයිලු.
    රට යන්න කලින් කොහෙද හිටියෙ කියල ඇහුවම “ අඉ ලිව්ඩ් ඉන් කොට්ටවහ්” කිව්වලු…
    බැලින්නම් කොට්ටාවෙ ඉදල තියෙන්නෙ….

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...