Mar 25, 2010

ඔසියෝ සහ බිත්තර!






















හා හා පුරා කියල ලියන්න යන කතාව ඉතින් මාව එකසිය ගානට නෝන්ඩිවෙන සිද්ධියක්..
මෙක වුනෙ දැන් දවස් දෙක තුනකට කලියෙන්,හැමදාම ඉතින් කරන්න යන පුරුදු රස්සාවට ගිහින් එනගමන් තමා මෙක වුනේ! ඉතින් රස්සාව ගැනත් කියන්න ඔනෙ නෙ.මේ රස්සාවට ඉන්ගිලිශ් වලින් නම් කියන්නෙ kitchen hand කියල.ඒක ටිකක් බර වැඩි වගේනෙ.. එකට සිංහලෙන් කියන්නෙ වලං හෝදනව කියල.
අපි දැන් කතාවට බහිමු…
උදේ 12 ඉදල රැ 11 විතර වෙනකම් ඉදුල් වතුරෙ බහැල ඉදල ගෙදෙර එන්න කොච්චියට නැග්ගම ඉතින් station එකක් දෙකක් පහුවෙනකොට කන සාක්කුවට වැටෙනකම් නින්දක් යනවා.ගෙදර එන්න station 12 විතර පහු කරන්න ඔනෙ නිසා ඔය නින්දත් එක්ක පෙලක් දවස්වලට ගේ ලග තියන station එක පහුවෙනකනුත් නින්දයනව…ඒ වෙලාවට මම බහින්නෙ dande station එකෙන්.මේක තමා ඔසි වල තියන ජරාම station එක. ඒ මොකද කියනවනම්.කලු ජාතික කටිටිය රැට රැට පදමට මත්වෙලා set වෙන තැන.එතන එක කෙලියයි.දැන් මේ මම කියන දවසෙත් නිදිමරගතෙ බැස්සෙ ඔය තැනින්තමා…
බහැල ටික දුරයි එන්න උනේ..එකපරට කාර් එකක් ආව ඇගට….පිටි පස්සෙ වීදුරුවලින් දෙන්නෙක් එලියට අවා…
මගෙ ඔලුව ගාවින් එකයි….හරියටම පපුවට එකයි…දකුණු අතට එකයි…..බිත්තර…..මට මල අසුහාරදාහට…ඒත් උන්ට මුකුත් කරන්න බැ….තනියම බිත්තර පාර කාගෙන ගෙදර ආව.
ඔසියොන්ට අපි වගෙ පොඩිකාලෙ කරන්න දේවල් නැ…අපි පොඩි කාලෙ මොනතරම් දේවල් කලාද…මුන් දන්නෙ….ගෙම් ගහන්නයි මේවගෙ ජඩ වැඩ කරන්නයි!...

10 comments:

  1. පළවෙනි කමෙන්ට් එක මම ගානෙද?
    එළ වැඩේ තමයි වෙලා තියෙන්නේ. තව තව බිත්තර නාන්න අවස්ථාව ලැබේවා කියලා ඉත සිතින් ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
  2. හික් ඒක ඇත්ත. එදාටවත් ගෙදර ඇවිත් නා ගන්නවනෙ....
    හැබැයි ඉතින් Train එකෙ කිව්ව ගමන් දැන් මම text එකක් දානවා නිදාගන්න නම් එපා කියලා :)

    ReplyDelete
  3. තැන්කු..තන්කු... හොඳ ප්‍රාර්ථනයක්.....බිත්තර වලින් ගහන්නෙ නැතුව අතට දුන්නනම් ගෙදර ඇවිත් ඔම්ලට් එකක් හරි දාගන්නව!

    ReplyDelete
  4. කසුන් word verification එක අයින් කරන්න. ඒක හැමෝටම පහසුවක් වෙවී

    ReplyDelete
  5. දිල්ට..
    මොන පිස්සුද...ඔසිවලට වතුර හරිම අඩුයි....අරපිරිමැස්මෙන් පවිච්ච් කරන්න ඔනෙ...

    ReplyDelete
  6. ආ.....ඒක හින්ද වෙන්න ඇති කසුන් නාන්නෙ නැත්තෙ..තෛතින් ඔසීලට ඕක දැනුනම බිත්තර ගහනවා ඇති...නාවන්න :D

    ReplyDelete
  7. බිඟුවට..
    වෙලාවට මුන බේරුනා...වැදුනනම් සොරිම තමා!

    ReplyDelete
  8. අමාරුවෙන් හරි පොඩි වාහන කට්ටක් ගනින් මචන්. මම දන්න තරමින් දැන් ඔය කෝච්චි බුස් වල රාත්‍රි ගමන් එතරම් ආරක්ශිත නැහ ඔය රටේ

    ReplyDelete
  9. වාහන කට්ටක් ගන්න එක නම් ඒච්චර අමාරුවත් නෑනේද මෙහෙ??
    හොඳ වෙලාවට train 1න් බැස්සට පස්සේ වැදුනෙ, කොහොමද train 1ට නගින්න කලින් හම්බවුනානම්??

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...