Mar 25, 2010

ඔසියෝ සහ බිත්තර!






















හා හා පුරා කියල ලියන්න යන කතාව ඉතින් මාව එකසිය ගානට නෝන්ඩිවෙන සිද්ධියක්..
මෙක වුනෙ දැන් දවස් දෙක තුනකට කලියෙන්,හැමදාම ඉතින් කරන්න යන පුරුදු රස්සාවට ගිහින් එනගමන් තමා මෙක වුනේ! ඉතින් රස්සාව ගැනත් කියන්න ඔනෙ නෙ.මේ රස්සාවට ඉන්ගිලිශ් වලින් නම් කියන්නෙ kitchen hand කියල.ඒක ටිකක් බර වැඩි වගේනෙ.. එකට සිංහලෙන් කියන්නෙ වලං හෝදනව කියල.
අපි දැන් කතාවට බහිමු…
උදේ 12 ඉදල රැ 11 විතර වෙනකම් ඉදුල් වතුරෙ බහැල ඉදල ගෙදෙර එන්න කොච්චියට නැග්ගම ඉතින් station එකක් දෙකක් පහුවෙනකොට කන සාක්කුවට වැටෙනකම් නින්දක් යනවා.ගෙදර එන්න station 12 විතර පහු කරන්න ඔනෙ නිසා ඔය නින්දත් එක්ක පෙලක් දවස්වලට ගේ ලග තියන station එක පහුවෙනකනුත් නින්දයනව…ඒ වෙලාවට මම බහින්නෙ dande station එකෙන්.මේක තමා ඔසි වල තියන ජරාම station එක. ඒ මොකද කියනවනම්.කලු ජාතික කටිටිය රැට රැට පදමට මත්වෙලා set වෙන තැන.එතන එක කෙලියයි.දැන් මේ මම කියන දවසෙත් නිදිමරගතෙ බැස්සෙ ඔය තැනින්තමා…
බහැල ටික දුරයි එන්න උනේ..එකපරට කාර් එකක් ආව ඇගට….පිටි පස්සෙ වීදුරුවලින් දෙන්නෙක් එලියට අවා…
මගෙ ඔලුව ගාවින් එකයි….හරියටම පපුවට එකයි…දකුණු අතට එකයි…..බිත්තර…..මට මල අසුහාරදාහට…ඒත් උන්ට මුකුත් කරන්න බැ….තනියම බිත්තර පාර කාගෙන ගෙදර ආව.
ඔසියොන්ට අපි වගෙ පොඩිකාලෙ කරන්න දේවල් නැ…අපි පොඩි කාලෙ මොනතරම් දේවල් කලාද…මුන් දන්නෙ….ගෙම් ගහන්නයි මේවගෙ ජඩ වැඩ කරන්නයි!...
Related Posts Plugin for WordPress, Blogger...